Your Ad Here

බ්‍රවුසර් යුද්ධය

අන්තර්ජාලෙයන්ප්‍රයෝජන ගන්නා කාටත් ඒ ප්‍රයෝජන ලැබෙන තාලය වෙනස් කරණ ප්‍රධාන මෘදුකාංගයක් තිබේ. ඒ වෙබ් බ්‍රවුසර්ය.  නොයෙක් වෙබ් බ්‍රවුසර් විසින් තමන්ගේ ගතිගුණ වෙනස් කොට ඉදිරිපත් කරණ විට, අන්තර්ජාලයෙන් ප්‍රයෝජන ගන්නා අප සියල්ලෝම ඒ ආරට පුරුදුවිය යුතුය. එනම් පැරණි පුරුදු හාත් පසින්ම වෙනස් කරගන්නා තැනට වැඩ සැලසි තිබේ. ඒ ලොව ප්‍රකට වෙබ් බ්‍රවුසර් සියල්ලම මේ ගෙවී ගිය මාස කිහිපය තුල අළුතින්  හැඩ ගැන්වෙන නිසාය.
අද ලෝකයේ වැඩිම සෙනගක් (60%) ක් පාවිච්චි කරණ වෙබ් බ්‍රවුසරය ඉන්ටනෙමට් එක්ස්ප්ලෝරර්ය. එහි සංසකරණ තුනක් දැන් නොයෙක් දෙනා පිවිච්චි කරයමින් සිටී. ඒඅතර එහි අළුත්ම සංස්කරණය වන IE9 හි නවතම අතහදාබැලීමේ සංස්කරණය 2010 මැයි 05 වැනිදා නිකුත් කලේය. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් 9හි නියම සංසකරණය තව ටික දිනකින් වෙළදපොළට එනු ඇත.
ලොව දෙවැනියට ජනප්‍රියම වෙබ් බ්‍රවුසරය වන්නේ ෆයර්ෆොක්ස්ය. ෆයර්ෆොක්ස්හි නවතම සංස්කරණය වන ෆයර්ෆොක්ස් 4.0, 2010 නොවැම්බරයේ නිකුත් විය.

ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය දැන් ලොව තුන්වැනි තැන සිටින වෙබ් බ්‍රවුසරයයි. එයට නිතිපතාම අළුත් අංග එක්කරමින් දියුණුකිරීමට ගූගල් සමාගම වැඩකොට තිබේ. ඒ නිසාම දැන් ගූගල් වෙත එන සෙනග වැඩිවෙමින් සිටී.

පසුගිය 2009 දෙසැම්බර් මාසයේ සිට 2010 අප්‍රේල් තෙක් ගෙවී ගිය මාස 6කට කිට්ටු කාලයේදී ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් පාවිච් කරණ සෙනග 4.17%කින් අඩු වුනේය. ෆයර්ෆොක්ස් පාවිච්චි කරණ සෙනග 1.3% කින් වැඩි වුනේය. ඒ සමගම ක්‍රෝම් පාවිච්චි කරන සෙනග 4.09% කින් වැඩි වුනේය.

මේ ඉලක්කම් එකට තබා බලනවිට පෙනේන්නේ කුමක්ද? ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් බාවිතා කිරීම අකහැර දමන සෙනග ගූගල් ක් රෝම් වෙත නැඹුරුවන බව නොවේද? එය ඒසේයය.. ඒකියන්නේ වෙබ් බ්‍රවුසර් ගත්විට ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් සහ ගූගල් ක්රෝම් අතර හොද තරගයක් ඇතිව තිබෙන බවය.
වෙබ් බ්‍රවුසර් අතර මේ තරගය අද ඊයේ පටන් ගත් එකක් නොවේ. අනූව දශකයේ පටන්ම තිබු එකකි. බ්‍රවුසර් තරගය හෙවත් බ්‍රවුසර් යුද්ධය කියා පොදුවේ හැදින් වූයේ මේ තරගයයි.  

බ්‍රවුසර් යුද්ධය ගැන සිත් ගන්නා තොරතුරු විමසීමට පටන් ගැනීම, වෙබ් බ්‍රවුසර් ගැන ඉතිහාසයද කියවීමකි. ඒ කතාව මෙසේය --ලෝක ළුයාප්ත ජාලය යන තේරුම් දෙන වර්ලඩ් වයිඩ් වෙබ් (World Wide Web) යන වචනපෙළ මුලින්ම යෙදුවේ වෙබ් බ්‍රවුසරයක් නම් කරන්නටය. ඒ 1990 දෙසැම්බරයේදීය, දැන් ලෝකව්‍යාප්ත ජාලය කියා හදුන්වන ඉන්ටනෙට්හි පංගුකාර අංශයේ නිර්මාතෘ ටීම් බර්නස්ලි විසිනි. 1991 පෙබරවාරි 26 වැනිදා මේ වෙබ් බ්‍රවුසරය එවකට ටීම්බර්නස්ලි වැඩකල සර්න් (CERN) ආයතනයෙහි සගයන්ට හදුන්වා දුන්නේය. එය ලොව ප්‍රථම වෙබ්බ්‍රවුසරයයි.
මහජනයා අතරමුලින්ම ජනප්‍රිය වුයේ මෙම වෙබ් බ්‍රවුසරය නොවේ. මොසැයික් ය. මාක් ඇන්ඩ්‍රිසන් , එරික් බීනා සමග නිර්මාණය කළ මේ වෙබ් බ්‍රවුසරය 1993 අප්‍රේල් 22 වැනිදා මහජනයාට ලැබුණි.

මොසැයික් නම් කරන්නේ පළමු ජනසතු වෙබ් බ්‍රවුසරය ලෙස පමණක් නොවේ. එය ග්‍රැෆික් ආශ්‍රය කළ ලොව පළමු වෙබ් බ්‍රවුසරයයි. මොසැයික් ආවාට පසු ඒ ත‍ාක්ෂණයට අවසර ගත් සමාගම් කිහිපයක්ම තවත්මොසැයික් තාලයේ බ්‍රවුසර් තැනීය. ස්ප්‍රයි මොසැයික් එකකි. ස්පයි ග්ලාස් තවත් මොසැයික් තවකෙකි. මොසැයික් බෝවෙමින් තිබියදී එහි එක් නිර්මාතෘ වරයෙකු වූ මාක් ඇන්ඩ්‍රිසන් වෙනමම සමාගමක් හදාගත්තේය. ඒ මොසැයික් කොමියුනි කේෂන් කෝපරේෂන්(Mosaic Communication Corporation) ය.
මේ සමාගම නෙට්ස්කේප් කොමියුනිකේෂන් ලෙස තමන්ගේ නම වෙනස් කර ගනිමින් 1994 ඔක්තොබර්  13 වැනිදා අළුත් බ්‍රවුසරයක් ඉදිරිපත් කලේය. එය නෙට්ස්කේප් නැවි‍ගේටර්ය. 








මේ කාලය ලෝක ව්‍යාප්ත ජාලය හොදට ලෝකයේ ජනප්‍රිය වෙමින් තිබු කාලයයි. ඒ කාලයේ ලෝකයේ වැඩිදෙනා ලෝක ව්‍යාප්ත ජාලය ආශ්‍රය කළේ නැවි‍ගේටර් වෙබ් බ්‍රවුසරය ප්‍රයෝජනයට ගනිමිනි. මයික්‍රෝසොෆ්ට් සමාගම මොසැයික් වෙබ් බ්‍රවුසරයේ පදනම පාවිච්චි කිරීමට ස්පයි ග්ලාස් සමාගමෙන් බලපත්‍ර ලබා ගත්තේද 1995 මැද බාගය වු මේ කාලයේමය. ඒ ඇසුරෙන් තමයි මයික්‍රෝසොෆ්ට් සමාගම තැනූ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රවුසරය 1995 අගෝස්තුවෙදී ලෝකයාට දුනි. ඒ අතින් ගත්විට ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් හිද මූලාරමභකයා වන්නේද මොසැයික් වේබ් බ්‍රවුසරයයි.

නැවිගේටර් බ්‍රවුසරය ජනප්‍රිය වෙමින් තිබියදීම, 1993 ජුලියේදී එලි දුටු විවෘත මෘදුකාංග වර්ගයේ වෙබ් බ්‍රවුසරයක් වන ලිනක්ස් ද භාවිතයේ තිබුනත් එය නැවිගේටර්ට තරගයක් දෙන්නට සමත් වූවෙක් නොවීය. නැවිගේටර්ට තරගයක් දෙන්නට සමත් වූ බ්‍රවුසරය ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර්ය.
වෙලදපොලේ බ්‍රවුසර් වෙළදාම අතින් ඇති වු මෙම තරගය හදුන්වන්නේ බ්‍රවුසර් යුද්ධය කියා අපි සනිමු. තිබෙන වෙබ් බ්‍රවුසර් අතරින් එකනෙකා පරයමින් ඉදිරියට එන්නට දරන වෙරවෑයම සෑබෑ යුද්ධයක ගති පෙන්වයි. යුද්ධය මැද පොඩි පොඩි සිවිල් යුද්ධ තිබුණත්, ලොකුම සිවිල් යුද්ධය කියා සලක්නනේ ප්‍රබලයන් අතර ඇතිවන යුද්ධයයි. නැවිගේටර් වෙළදපොලේ රැදෙනවාද එය, පරයමින් ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් වෙළදපොලේ රැදෙනවාද යන කාරණය මතින් ලොව පළමු බ්‍රවුසර් තරගය 1995 මැද භාගයේ ආරම්භ වුනේය.

වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතිය 1995 අගෝස්තුවේ වෙළදපොළට ආවේ, බෝනස් මෘදුකාංගයක් සමගිනි, එය ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රවුසරයයි. මේ නිසා බ්‍රවුසර් වෙළදපොළ අළුත් අතකට හැරුනේය. ඒ කාලයේත් ලෝකයේ වැඩිදෙනෙක් තමන්ගේ කොම්පියුටර් දුවවන්නට යොදාගත්තේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියයි. දැන් ඒ සමග වෙබ් බ්‍රවුසරයක්ද නිකම්ම ලැබිතිබේ. ඉදින් තවත් වෙබ් බ්‍රවුසරයක්ද නිකම්ම ලැබී තිබේ. ඉදින් තවත් වෙබ් බ්‍රවුසරයක් ගන්නට ඕනෑ නැත. මින් පහර වැදුනේ නෙට්ස්කේප් නැවිගේටර්ටය.

නෙට්ස්කේප් නැවිගේටර් ද එක්ස්ප්ලෝරර් සමග යුද්ධය අතහැරියේම නැත. එකිනෙකා පරයන්නට නොයෙක් උපාය උපක්‍රම යොදවමින් මේ වෙබ් බ්‍රවුසර් දෙකම වෙළදපොළ ජය ගන්නට වෙහෙසුණහ.

මේ වෙහෙස මහන්සිය නිසා පරිශිලකයෝද ලොකු කරදරයක පැටළුනහ. වයිරස් සහ වෙනත් අනාරක්ෂිත වැඩසටහන් වලින් වන දෝශ මග හරවන්නට නොව අළුත් අළුත් ගුණාංග එකතු කරන්නට මය‍ක්‍රෝසොෆ්ට් සමාගමද නෙට්ස්කේප් සමාගමද එක් වුනි. මේ වගේම 1995න් පසු කාලයේ වෙබ් අඩවි හොදින්ම බලන්නට පුළුවන් නෙට්ස්කේප් බ්‍රවුසරයෙන්ද නැත්නම් ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් බ්‍රවුසරයෙන්ද කියා එවායේ සදහන් කොට තිබුනි. ඊට හේතුව වෙබ් බ්‍රවුසර් දෙකෙම ලෝක ව්‍යප්ත ජාලයේ සම්මත තාක්ෂණයට සම්පූර්ණයෙන්ම එකග නොවීමේ තාක්ෂණික දුර්වල කමයි. බ්‍රවුසර් යුද්ධයට පිලිපන්ව සිටි ඔවුන්ට ඒ ගැන සිතන්නට වේලාවක් නොතිබූ හෙයකි.

මේ  කාලයේම මයික්‍රෝසෝෆ්ට් සමාගම ෆ්රන්ට් පෝජ් කාර්යාල මෘදුකාංගය නිකුත් කලේය. ඉන් නිර්මානය කරන පිටු හොදින් පෙනෙන්නේ එක්ස්ප්ලෝරර් වලදී පමණි. ඉදින් ෆරන්ට් පේජ් ජනප්‍රිය වෙනවත් සමගම ඒ පසුපස යමින් එක්ස්ප්ලෝරර් ද ජනප්‍රියවුණි. ඒ සමගම මයික්‍රෝසෝෆ්ට් සමාගම වෙනත් පරිගණක නිශ්පාදකයින් සමග එක්ස්ප්ලෝරර් ඩෙස්ක්ටොප් අයිකනය යොදාගැනීමේ ගිවිසුම් වලට එලැඹිණ.
ඇමරිකන්  ඔන්ලයින් හි මුලික අතුරු මුහුණත ලෙස එතෙක් යොදාගත් නෙට්ස්කේප් නැවිගේටර් බ්‍රවුසරය වෙනුවට එක්ස්ප්ලෝරර් යොදා ගන්නට මයික්‍රෝසෝෆ්ට් සමාගම ගිවිසුම්වලට එලඹින. ඒ වැඩ කටයුතු විසින් බ්‍රවුසර් තරගයේ අවසන් යුගය සටහන් කෙරුණි.

1998 දී නෙට්ස්කේප් හි වෙළදපොළ පංගුව නැවත ගොඩ නොඑනසේ පහත වැටුනේය. ඒ අඩුව පිරීගියේ එක්ස්ප්ලෝරර් මගිනි. නෙට්ස්කේප් පැරදී ජනප්‍රියම වෙබ් බ්‍රවුසරය ලෙස එක්ස්ප්ලෝරර් පරිගණක ලොව දිග්විජය කලේය.

2002 වනවිට බ්‍රවුසර් වෙළදපොලේ එක්ස්ප්ලෝරර් හි වෙළද‍පොළ පංගුව සියයට 96කි. ඉතිරි 4% අයිතිවුයේ නැවිගේටර් සහ තවත් දහයකට වැඩි බ්‍රවුසර් ගොන්නකටය.

එහෙත් නෙට්ස්කේප් වෙබ්බ්‍රවුසරය වසර 10 ක්ම පරාජිතව නමුත් වෙළදපොලේ සිටියේය. එය සම්පූර්ණයෙන්ම අතහැර දැමුනේ 2008 පෙබරවාරියේදීය. ඒ නෙට්ස්කේප් වෙත ලබා දෙන තාක්ෂණික සහය 2008 පෙබරවාරියේ 01 වැනිදා වසා දැමිණ.


නෙට්ස්කේප් හා එක්ස්ප්ලෝරර් අතර පැවති මේ යුද්ධය පළමු බ්‍රවුසර් තරගය කියා කියන්නට පුළුවන. එසේම දෙවන බ්‍රවුසර් යුද්ධය ඇති වූයේ ෆයර්ෆොක්ස් හා එක්ස්ප්ලෝරර් අතරය.

ෆයර්ෆොක්ස් යනු කාටත් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන් ඕපන්සෝස් වර්ගයේ ග්‍රැෆිකල් සුචිත්‍ර මාදිලියේ වෙබ් බ්‍රවුසරයකි.
1998 නෙට්ස්කේප් සමාගම නෙට්ස්කේප් කොමියුනි‍කේටර් වෙබ් බ්‍රවුසරයේ ප්‍රධාන ක්‍රමලේක සටහන් සමූහය හෙවත් මූලාශ්‍ර සටහන මහජනයාට නිදහස් කලේය. ඒ නිදහස් මෘදුකාංග අවසරය යටතේ එහි දියුණු කිරීම් කරන්නට පුළුවන් වනසේය. ඇමරිකාවේ ලාභනොලබන ආයතනයක් වන මොසිල්ලා පදනම වෙබ්බ්‍රවුසරයක් නිර්මාණය කිරීමඇරඹූයේ මේ මූලාශ්‍ර කේතය මත පිහිටමිනි.

2002 දි මොසිල්ලා 1.0 නමින් ඉදිරිපත්කල මේ බ්‍රවුසරය නිදහස් මෘදුකාංග පරිහරණය කරණ ප්‍රජාව අතර වේගයෙන් ජනප්‍රිය වුනේය.

එහෙත්මේ ලෝකයේ හොදම මිලට හෙවත් නොමිලේ ලොව ඕනෑම කෙනෙකුට ඔවුන්ලෝඩ් කරගතහැකි සේ එලියට ආවේ, 2004 නොවැම්බර් 09 වැනිදාය. ඒ මොස්ල්ලා ෆයර්ෆොක්ස් 1.0 යන නමිනි.

ෆයර්ෆොක්ස් වෙබ්බ්‍රවුසරයේ දෙවන සංසකරණය 2006 ඔක්තෝබර් 24 වැනිදා නිකුත් කලේය. එය ඩවුනලෝඩ්  කරගත් සෙනග විසි කෝටිය ඉක්මවා ගියේය.

ෆයර්ෆොක්ස් වෙබ්බ්‍රවුසරයේ දැනට ඇති අළුත්ම සංස්කරණය වන්නේ 3.0 ය (2010 අප්‍රේල් වනවිට). එය 2008 ජුනි 17වැනිදා  මහජනයාට නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නට පුළුවන්සේ ඉදිරිපත් කලාට පසු ලෝකයේ රටවල් 230ක සෙනග එයතමන්ගේ පරිගණක වලට එක් කර ගැනීම ඇඹූහ. ඉන් විසිහතර පැයකට හෙවත් දවසකට පසු මේ ඩවුන්ලෝඩ් කර ගැනීමේ තරම කොතරම් දැයි ගින්ස් ලෝක වාර්තා ආයතනය විමසා බැලුවේය. ඒ සෙනග අසූලක්ෂ දෙදහස් පන්සියය තිහක් වූණී. මේ ඉලක්කම් සලකා බැලූ ගිනස් වාර්ථා කමිටුව ෆයර්ෆොක්ස් වෙබ්බ්‍රවුසරය ගිනස් වාර්ථාවක් තබා ඇතයි 2008 ජුලි 02 වැනිදා නිල වශයෙන් ප්‍රකාශ කලේය. ඒ ගිනස් වාර්තාව නම් මුලින්ම නිකුත්කොට ගෙවී ගිය දිනක කාලයක් තුළ ලෝකයේ වැඩිම දෙනෙක් ඩවුන්ලෝඩ් කරගත් මෘදුකාංගය (Most download piece of software in the first 24 hours) යන්නයි.

ෆයර්ෆොක්ස් වෙබ්බ්‍රවුසරය මෙතරම් ජනප්‍රිය වන්නට හේතුව නොමිලේ දීමම නොවේ. ඊට හේතුව එක්ස්ප්ලෝරර්ට වඩා වෙබ් සරච් කිරීම අතින් ෆයර්ෆොක්ස් වෙබ්බ්‍රවුසරයෙහි තිබෙන පහසුකම් වැඩි වීමයි. එක් අතකින් එය එක්ස්ප්ලෝරර්ට වඩා ආරක්ෂාකාරීය. ෆයර්ෆොක්ස්ට එන වයිරස් හා වෙනත් විනාශකාරී වැඩසටහන් අඩුය.

ලෝකව්‍යප්ත ජාලයේ තිබෙන ග්‍රැෆික්ස් සහ මල්ටිමීඩියා වෙබ්අඩවි ඉක්මනින් ඩවුන්ලෝඩ් කර ගන්නට අළුත් වෙබ් බ්‍රවුසර් තාක්ෂණයක් ඕනෑබව කාලයක සිටම ගූගල් සමාගම කියමින් සිටියේය. ඒ ඕනෑකම ඔවුන්සපුරා ඇතැයි 2008 සැප්තැම්බර් 02 නිදා ගූගල් සමාගම කීවේ අළුත් බ්‍රවුසරයක් ඉදිරිපත් කරමිනි. එය ගූගල්  ක්රෝම්ය. කාටත් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන් මේ වෙබ් බ්‍රවුසරය ඕපන් සෝස් එකකි.
අනෙක්  හැම වෙබ් බ්‍රවුසරයකටම වඩා ගූගල් ක්රෝම් ඉන්ටනෙට් ආරක්ෂාව අතින්ඉදිරයෙන් සිටී. සෑම ටැබ් එකක්ම වෙනවෙනම ප්‍රොසෙස් වන නිසා එහි බලපෑමක් පරිගණකයේ අනෙක් තැනවලට නැත. එනිසා වයිරස් වැඩසටහන් පරිගණකයේ රැදෙනවා අඩුය. එසේම කුරෝම් මගින් නරක වෙබ් අඩවි මතක තබා ගන්නා නිසා ඒවායින් පරිගණකය ආරක්ෂා කොටදෙයි. වෙබ්බ්‍රවුසර්වල වෙලදපොළ පංගුව මෙපමණැයි නිතිපතා මැනබලා ප්‍රසිද්ධ කරණ නෙට්ඇප්ලිකේෂන්ස් සමීක්ෂණ ආයතනය පෙන්වූ දත්තවලට අනුව දැන් ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර්ට තරගය තිබෙන්නේ ගූගල් ක්‍රෝම් සමගය. එනම් දැන් තුන්වන බ්‍රවුසර් යද්ධය තිබෙන්නේ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් සහ ක්‍රෝම් අතර මිස කලින් මෙන් ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් සහ ෆයර්ෆාක්ස් අතර නොවේ.



0 comments:

Post a Comment

Hey Guys...
Type your message here...